(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිකළ ප‍්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ වන විටත් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කීවේය.
එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යයට පිළිතුරු ලබාදීම සඳහා ලබන සිකුරාදා දිනයේ දී ඇය කොළඹට කැඳවීමට පියවර ගන්නා බවද හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
දකුණට හිට්ලර් කෙනෙකු හෝ උතුරට ප‍්‍රභාකරන් කෙනෙකු ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කිසි ලෙසකින් වත් ඉඩ නොතබන බවද අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීවේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි