විජයකලාගේ ප්‍රකාශ ගැන ස්වදේශ කටයුතු ඇමැතිගෙන් ප්‍රකාශයක් ගනී


(නිමන්ති රණසිංහ)


එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් ප‍්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව අපරාධ නිවාරණ කොට්ඨාශය පවසයි.


යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැති එම රාජ්‍ය උත්සවයට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගී වූ බැවින් හිටපු රාජ්‍ය ඇමතිනිය විසින් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශය සටහන් කර ගනු ලබන බව එම කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කරයි.