වන්නි රොමේෂ් මධුෂංඛ
ස්වයං ලාබ නමැති දේශපාලනය මාතෘකා කොට ගනිමින් දෙමළ ජනතාවගේ නායිකාව විජයකලා නමින් සඳහන්කර විජයකලා මහේස්වරන් හිටපු රාජ්‍ය අමාත්‍ය වරියට සහය පල කරමින් යාපනයේ ස්ථාන කිහිපයක පෝස්ටර් කිහිපයක් අලවා තිබූ බවට යාපනයේ ආරක්ෂක අංශ කියා සිටියේය.
යාපනයේ අලවා තිබූ අදාල පෝස්ටරයේ ‘සවයංලාභ නොමැති දේශපාලනය. යනුවෙන් තද කලු අකුරින් මාතෘකාව ලියා තිබූ අතර පහළින් ලියා තිබුනේ ‘දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා ටී.මහේස්වරන් දිවි පිදුවා අද දෙමළ ජනතාවගේ නායිකාව වූ විජයකලා තමන්ගේ පදවිය පූජාකලා කවදත් අපි ඔබ සමගයි දෙමළ කතා කරන ජනතාව. යනුවෙන් සඳහන්කර තිබුණි.
දෙමළ කතා කරන ජනතාව අදාල පෝස්ටරයේ සංවිධායකයින් වශයෙන් හඳුන්වා ඇති අතර යාපනය බස් නැවතුම්පල ආසන්නයේ සහ අතුරු මාර්ග කිහිපයක මෙම පෝස්ටරය අලවා තිබූ බවට යාපනයේ ආරක්ෂක අංශ සඳහන් කර සිටියේය.