විජයකලා ගැන කතානායකවරයාගේ තීරණය ලබන සතියේ


(සුජිත් හේවාජුලිගේ)

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගෙන ආ යුතු බවට ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් කතානායකවරයාගේ තිරණය මැති සබයේදී ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


පක්ෂ නායක රුස්වීමක් කැඳවා පක්ෂ නායකයන්ගේද අදහස් විමසා විජයකලා මහත්මිය පිළිබඳ තිරණය දැනුම් දීමට කතානායකවරයා බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ඒ ප්‍රකාශය ගැන කතානායකවරයා නීතිපතිවරයාගේ මතය මේ වන විට විමසා ඇත.


නීතිපතිවරයාගේ මතය ද ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිත බවත් නීතිපතිවරයාගේ මතය ලැබුණු පසුව ඒ මතය පාර්ලිමේන්තු පක්ෂ නායකයාටද දැනුම් දිමට කතානායකවරයා කටයුතු කරනු ඇති බවත් පාර්ලිමේන්තු නිලධාරිහු කියති.