තරිඳු ජයවර්ධන
රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (04) පැවැත්වෙන විනය පරීක්ෂණයට එම ඇමැතිවරිය කැඳවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
ඇමැතිවරිය ඉවත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි කී ඇමැතිවරයා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ හෙට පැවැත්වෙන විනය පරීක්ෂණයෙන් පසුව බව ද ප්‍රකාශ කළේය.