ප්‍රසාද් මුතුකුඩ
සීදුව විජය කුමාරතුංග රෝහලේ අක්ෂි ශල්‍යාගාරය මාස කීපයක සිට වසා දැමීමට බලධාරින් කටයුතු කිරීමෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට පත්වී ඇතැයි ශ්‍රි ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සීදුව ශාඛාවේ සභාපති රුවන් බෝගොඩ මහතා අද (15) පැවසීය.
ඒ මහතා මෙම සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු දන්වා සිටි අවස්ථාවේදි එක්ස් කිරණ ශිල්පියකු සහ රෝහල් සේවකයකු අතර ඇතිවු ගැටුමක් දුරදිග යාමෙන් උණුසුම් තත්ත්වයක්ද ඇති විය.
රෝහල් අධ්‍යක්ෂක මණ්ඩල සභික ආචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රෝහලට පැමිණ සිටි අවස්ථාවකදී මෙම සිදුවීම සිදුවී තිබේ.
අක්ෂි රෝග සම්බන්ධව දිවයිනේ ජනප්‍රිය රෝහලක් වන කුමාරතුංග රෝහලේ පාලන තත්ත්වය කඩා වැටීමෙන් දුර බැහැර සිට පැමිණෙන රොගීන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි රුවන් බෝගොඩ මහතා කීය.
විජය කුමාරතුංග රෝහලේ අක්ෂි ශල්‍යාගාරය වැසීමෙන් රෝගීහු අමාරුවේ
Recommended Articles