විග්නේෂ්වරන්ගේ නියෝගයට අතුරු තහනමක්


(මනෝප්‍රිය ගුණසේකර සහ තිළිණි ද සිල්වා)
              
උතුරු පළාත් සභාවේ ප්‍රවාහන සහ ධීවර ඇමැති ධුරයෙන් බී.ඩෙනීෂ්වරන් මහතා ඉවත් කරමින් උතුරු පළාත් සභාවේ ප්‍රධාන ආමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා දුන් නියෝගය වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඩෙනීෂ්වරම් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් ප්‍රධාන අමාත්‍යවරයා නිකුත් කළ ලිපිය බලරහිත කරන්නැයි ඉල්ලමින් ඒ මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලු අභියාචනාධිකරණය මෙම පෙත්සම විභාග කර අවසන් වනතුරු අද (29) අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

කුමුදුනී වික්‍රමසිංහ සහ ජනත් ද සිල්වා යන විනිසුරු මඩුල්ල විසින් දුන් මෙම නියෝගය හේතුවෙන් මෙම නඩුව විභාග කර තීන්දුවක්  ලබා දෙන තුරු ඩෙනීෂ්වරන් මහතාට අදාළ ආමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට හැකිවනු ඇත.