සැලසුම් සහගතව උතුරේ මත් ද්‍රව්‍ය ව්‍යාප්ත කර ඇතැයි යාපනයේ ක්‍රිකට් තරඟාවලියක ත්‍යාග ප්‍රදානෝත්සවයේදී උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
‘අපේ තරුණයන් කලකට පෙර අවි අතට ගත්තා. ආණ්ඩුවලට බලපෑම් කළා. විදෙස් රටවල උපකාරයෙන් ඔවුන් විනාශ කළා. දෙමළ තරුණයන් යළි කැරළි නොගැසිය යුතුයි. සමගියෙන් ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපනයෙන් ජය නොලබන තැනට ඔවුන් ඇවිදින මළ මිනී තත්ත්වයට පත්වන තැනට කටයුතු කිරීමේ අදහස සමහර නිලධරයන් හා ඇමැතිවරුන් අතර තියෙනවා. උතුරු නැගෙනහිර තරුණයන් යළි නැගිටිනු ඇතැයි සිතා මත් ද්‍රව්‍ය භාවිතය සැලසුම් සහගතව හඳුන්වාදී ඇති බව පෙනේ‘

