විග්නේෂ්වරන් ලක් රජයට දෙහි කපයි


ශ්‍රී ලංකා ආණ්ඩුවට දෙමළ ජනතාවට හෝ සුළු ජාතීන්ටද උදව් කිරිමේ අවශ්‍යතාවයක් නොපවතින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ පළවන "ද හින්දු" පුවත්පත වාර්තා කර සිටී.

පැවති රජයන්ද මෙය ඒ ආකාරයෙන්ම සිදුකළ අතර එය ශ්‍රී ලංකා ආණ්ඩුවල ගති ලක්ෂණයක් බව ඔහු පෙන්වා දී ඇත.

ඇමෙරිකාවේ ඕක්ලන්ඩ් ආයතනය අන්තර්ජාලය ඔස්සේ පැවති ජාත්‍යන්තර මාධ්‍ය  සාකච්ඡාවකට එක්වෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මෙම අදහස් පළ කර තිබේ.

එමෙන්ම  දෙමළ ජාතීන්ට හා සුළු පක්ෂ වලට උදව් කිරිම සඳහා ශ්‍රී ලංකා රජයට බල කළ යුතුව පවතින බවත්, ජාත්‍යන්තරය හරහාද ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතු බවත්  ඔහු එහිදී පෙන්වා දී ඇත.

හමුදාව විසින් උතුරේ ජනතාවට ඉඩම් ලබාදුන්නද ඒවා නිසරු ඉඩම් බවත්,සරු බිම් තවදුරටත් හමුදාව භාරයේ පවතින බවත් සී.වී.විග්නේෂ්වරන් මහතා මෙම සාකච්ඡාවේදී පවසා තිබේ.
උතුරේ ඉදිකර ඇති හෝටලය සම්මන්ත්‍රණ ශාලාවක් සඳහා භාවිත කිරිම සඳහා යොදා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට දැනුම් දී ඇති බවද  උතුරු මහ ඇමැතිවරයා පවසා ඇත.