විග්නේෂ්වරන් යළි දිවුරයි


උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා තමාට අයත් සෙසු අමාත්‍යංශ අමාත්‍යවරයකු ලෙස ජනපති ලේකම් කාර්යාලයයේ අද (17) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේය.

පළාත් මුදල් හා සැලසුම්, නීතිය හා සාමය, ඉඩම් හා මාර්ග සංවර්ධන, විදුලිය නිවාස හා ඉදිකිරීම්, ජල සම්පාදන, සමූපාකාර සංවර්ධන, සමාජ සේවා සහ පුනුරුත්තාපන, වනිතා කටයුතු, කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන, සංචාරක, පළාත් පාලන හා පළාත් සභා, පරිපාලන හා ආහාර සැපයුම් සහ බෙදාහැරීම යන විෂයන් දොළහ විග්නේෂ්වරන් මහතාට පැවැරේ.

දිවුරුම් දීමේ අවස්ථාව සඳහා  උතුරු ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,  දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.