( තිළිණි ද සිල්වා )
අභියාචනාධිකරණය තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා , එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන් සහ සි.සිවනේසන් යන අයට ලබන 18 වැනිදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද (07) නියෝග කළේය.
උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී.ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබිණි.
එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ඒ මහතා නැවත අමාත්‍ය තනතුරේ පිහිටුවන මෙන් උතුරු පළාත් මහ ඇමතිට එරෙහිව ඉකුත් ජුනි 29 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය.
එම නියෝගය පරිදි තමන්ව අමාත්‍යධූරයෙන් පිහිටවීම ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
එම පැමිණිල්ල සලකා බැලූ අභියාචනාධිකරණය උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන් සහ පී.සිවනෙෂන් යන අයට අද (07) දින අධිකරණය හමුවේ පෙනී සිටින දන්වා සිතාසි නිකුත් කළ අතර ඒ අනුව ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් ඇතුළු අමාත්‍යවරුන් තුන් දෙනාම අද අධිකරණය හමුවේ පෙනී සිටින ලදී.

