විගණන කොමිසම අගෝස්තු 1 වැනි දා සිට බලගැන්වෙයි



 
ශිරාන් රණසිංහ                      

                     
වසර තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රමාද වු විගණන කොමිසම අගෝස්තු 1 වැනි දා සිට බලගැන්වී ඇත.
පාර්ලිමේන්තුවේ දී සම්මත වු  විගණන පනතට කතානායකවරයා අත්සන් කළ පසු ජනාධිපතිවරයාගේ අනුමැතිය ද ඊට ලැබී තිබේ.


ඒ අනුව ජුලි 26 වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනයට ප්‍රකාරව අගෝස්තු 1 වැනි දා සිට විගණන කොමිසම බලගැන්වෙන බව විගණන දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.


මේ වන විට රජයේ විගණාකාධිපති ගාමිණි විජේසිංහ මහතා විදේශ සංචාරයක නිරතව සිටින අතර  ඒ මහතා පැමිණි විගස කතානායක කරු ජයසුරිය මහතා ඉදිරියේ විගණන කොමසාරිස් ලෙස දිවුරුම් දීමට නියමිතය.