
(රොමේෂ් මධූෂංඛ)
යාපනය මහනුවර ඒ්-9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරි නූනාවිල් ප්‍රදේශයේදී වෑන් රියක් සහ අත්ට්‍රැක්ටරයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.
අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි එම්.සතිෂ් කුමාර් නැමති අයෙකි.
රියදුරුට නින්ද යාමෙන් ඉදිරියෙන් පැමිණ ට්‍රැක්ටරයේ ගැටී ඇති බවට පොලීසිය සැකපලකර අතර අනතුරින් ට්‍රැක්ටරයේ පිටුපස ගමන්ගත් එක් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
ඊට අමතරව ට්‍රැක්ටරයේ ගමන්ගත් තවත් තිදෙනෙකු හා වෑන් රථයේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.


