(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
මාතර වැල්ලමඩම මාළු වෙළෙඳසල අසලදී අද (27) වෑන් රථයක් පාරෙන් ඉවතට පැන ත්‍රීරෝද රථ හතරක හා යතුරුපැදි හයක ගැටී පුද්ගලයින් පස් දෙනකු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි.
ඔවුන් මාතර මහ රෝහල වෙත ඇතුළත් කළ බවත් ඔවුන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ප්‍රකාශකයකු කීය.
එම වෑන් රථය මාර්ගය අයිනේ නවතා තිබු වාහන වල හැපී ඉදිරියට ධාවනය වන විට බොහෝ පිරිසක් දෙපසට පැන දිවි බේරා ගෙන තිබේ.තවත් කිහිප දෙනෙක් සුළු තුවාල ලැබූහ.
මාතර නගරයේ වෙළෙඳ ආයතනයක ප්‍රවර්ධන කටයුතු සඳහා පෝස්ටර් ඇලවීමට යමින් තිබු වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබු අතර රෝහල් ගතකරනු ලැබ සිටින එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගන්නා බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
මෙම අනතුර හේතුවෙන් මාළු වෙළෙඳසලේ ව්‍යාපාරිකයකු සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය.






