මහියංගනයේ සිට මහ නුවර බලා ධාවනය වෙතිමින් තිබූ වෑන් රියක රෝදයක් මැද මහනුවර මහා විද්‍යාලයය ඉදිරිපිට වංගුවේ දී පිපිරීම නිසා වෑන් රිය ලිස්සා ගොස් නිවෙසක වහළයක් මතට වැටුණු බව පොලිසිය කියයි.
නිවසේ සිටි කිසිවකුටත් හානියක් නොවූ අතර වෑන් රියේ සිටි හත් දෙනෙක් තුවාල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

