වෑන් රථයේ ගැටී පැදිකරු මරණයට


ක.ග කරුණාරත්න
 
හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ගල් ඔය හතරැස්කොටුව හංදියට නුදුරුව ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ලා ගැටීම නිසා අද (20) අනතුරක් සිදූ වී ඇත.
 
අනතුරෙන්  බරපතළ ලෙස තුවාල ලැබූ යතුරු පැදිකරු රෝහල් ගත කිරීමට පෙර මරණයට පත්වූ බව හබරණ පොලිසිය කියයි.
 
එම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලයේ පදිංචි ජෝශප් ගෙගවරාජා (42) යන අයයි.
වෑන් රථයේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර හබරණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.