වෑන් රථයක් වෙලකට යයි


සේරුනුවර අරිප්පු මංසන්ධියේදී අද (16) පෙරවරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව සේරුනුවර පොලිසිය කියයි.

වෑන් රථය වේගය පාලනය කරගත නොහැකිව මෙසේ මාර්ගයෙන් ඉවතට පැන අසල ඇති කුඹුරු යායකට පෙරළී නතර වන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.

තුවාලකරුවන් සේරුනුවර රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමල රෝහලට යවා ඇතැයි රෝහල් ආරංචි පවසයි.

IMG_5223 IMG_5224 IMG_5226 IMG_5229 IMG_5231