
( දියතලාව - ඩී.කේ.රත්න සහ සමන් පාලිත නානායක්කාර )
ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල 24 කණුව අසලදී අද (22) උදෑසන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතයි ඇල්ල පොලිසිය පවසයි.
බදුල්ල විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවයේ යෙදී සිටින පුද්ගලයින් තිදෙනෙකු මෙම අනතුරින් එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මෙම පිරිස ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී වෑන් රථයේ රියදුරුට නින්දයාම නිසා මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
වෑන් රථයේ ගමන් ගත් අනෙක් පුද්ගලයින් තිදෙනා බරපතල තත්වයෙන් වැල්ලවාට මූලික රෝහලට සහ මොණරාගල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් දෙමෝදර ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇත. ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.කේ.අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි ඇල්ල පොලිස් රථවාහන අංශයේ නිලධාරිහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.





(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)


(ඡායාරූප - බදුල්ලේ සමන් පාලිත නානායක්කාර)

