(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේදි අද (29) පෙරවරුවේ සිදුකළ හදිසි පරීක්ෂාවකදි ලියාපදිංචි නොකළ කුඩා ප්‍රමාණයේ වෑන් රථ හතරක් සහ විදෙස් ගමන් බලපත්‍ර 32 ක්ද සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෑන් රථ හතරම පසුගියදා බෝම්බ ප්‍රහාරයට යොදා ගත් වෑන්රථය හා සමානම ඒවා බවද , එම සැකකාර පුද්ගලයාගේ නිවසේ තිබී කඩු දෙකක් සහ ජංගම දුරකථන හතරක්ද සොයා ගත් බවද දිසානායක මහතා පැවසීය .
සිද්ධිය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ කුරුණෑගල පොලීසිය සිදු කරයි.




