වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයේ ජනතාව විරෝධයක


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොම්පඤ්ඤවීදිය ස්ටුවර්ට් වීදියේ වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයට අයත් මහල් නිවාස සහිත ගොඩනැඟිලි කිහිපයක් පදිංචියට නුසුදුසු අවදානම් තත්ත්වයේ පවතින බවත්, වහාම ඒවා කඩා දමා තමන්ට සුදුසු පරිසරයක නව ස්ථීර නිවාස ලබා දෙන ලෙස ඉල්ලා රජයට බලකර සිටිමේ උද්ඝෝෂණයක් අද (01) එම නිවාස සංකීර්ණය ඉදිරිපිට දී පැවැත්විණි.

එම නිවාසයන්හි පදිංචි ව සිටින ජනතාව මෙම උද්ඝෝෂණයට සහභාගී වූ අතර ඔවුන් ඉල්ලා සිටින්නේ ජාතික නිවාස සංවර්ධ අධිකාරිය ඔවුනට පොරොන්දු වූ පරිදි කොළඹ නගරය ආශ්‍රිතව පහසුකම් සහිත නව නිවාස ලබා දෙන ලෙස ලෙසටය.

කඩාවැටීමට පවා ආසන්න තත්ත්වයක තිබෙන මෙම ගොඩනැගිලි වල දැනට කුඩා දරු දැරියන් ද ඇතුළුව පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙන බව ඔවුන් පෙන්වා දෙයි.