වැහි වළා මැද්දෙන් ඉර පායයි


ලෝක සංචාරක දිනය වෙනුවෙන් සීගිරි පව්වේ සිට හිරු උදාවන අයුරු දැකබලා ගැනීමට අද (27) දෙස් විදෙස් සංචාරකයෝ එහි ගියහ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සහ සංචාරකයෝ පිරිසක් අළුයම පහට ගල මතට ගොඩවූහ.

අහස වළාකුලින් බරව තිබීම නිසා නිසියාකාරයෙන් ඉර පායන දර්ශනය නැරඹීමට නොහැකි විය.

ඉර සේවය ඉදිරියේදී දිනපතා සංචාරකයින්ට දැකබලාගැනීමට අවස්ථාව ලබාදීමට අවධානය යොමුව ඇතැයි මහාචාර්ය ගුණවර්ධන මහතා පැවසීය.

SIGIRI-0927-1 SIGIRI-0927-2 SIGIRI-0927-3 SIGIRI-0927-4 SIGIRI-0927-5 SIGIRI-0927-6 SIGIRI-0927-7 SIGIRI-0927-8 SIGIRI-0927-9