මොරටුව තැපැල් කාර්යාලය පිටුපස වැසිකිළි වළක තිබී සොයාගත් බෙදා නොහැරි ලිපි 75000 කට අධික ප්‍රමාණය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹූ බව තැපැල් ස්ථානාධිපතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තැපැල්පති බී ඒ පී රෝහණ අබේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
‘සොයාගත් ලිපි ගණන දහදාහකට ආසන්නයි. සොයාගත් ලිපි ගණනය කිරිම සහ කටඋත්තර ලබාගැනීම වැනි කටයුතු සිදු කරමින් පවතිනවා. ලිපි මලු සොයාගත් පමණින් නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න බෑ. මෙය රාජ්‍ය ආයතනයක් මෙහි පරික්ෂණ සිදු කෙරෙන ආකාරයක් තිබෙනවා. ඒ අනුව විනිවිදභාවයෙන් යුතුව අදාල කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. සොයාගත් ලිපි අතර අපේක්ෂකයින්ගේ ලිපි 95%ක් තිබු බවටත් සාමාන්‍ය ලිපිත් විදේශිය ලිපිත් දෙක තුනක් තිබු බවටත් අනාවරණය වුණා. මේ සඳහා කඩිනම් පරික්ෂණයක් සිදුකෙරෙමින් පවතිනවා.‘




