වැසි සහිත කාලගුණය අඩුවන ලකුණු



 
 
විනීතා එම් ගමගේ


දිවයිනට බලපා තිබු තද වැසි සහිත කාලගුණ තත්ත්වය තාවකාලිකව අඩු වෙමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 


එසේ වුවත් නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක‍්‍රියාත්මක වෙමින් පවතින බැවින් බස්නාහිර, දකුණ, සබරගමු, මධ්‍යම හා වයඹ යන පළාත්වලට විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව ද මන්නාරම හා යාපනය ප‍්‍රදේශවලට සිහින් වැසි බලාපොරොත්තු  විය හැකි බව ද කාර්යභාර කාලගුණ විද්‍යාඥ නිමල්  බණ්ඩාර ඒකනායක මහතා පැවැසීය. 


බස්නාහිර සබරගමුව,පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කවලත් ගිගිරුම් සහිත තරමක තද වැසි ඇති වන බව ද හෙතෙම කියා සිටියේය.


එමෙන්ම ඉදිරි දිනය වෙනුවෙන් කාළගුණ විද්‍යා දෙපර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදනයේ සඳහන් ව ඇත්තේ පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදේ පැයට සැතපුම් 60ක් 70ක් දක්වා සුළං වේගවත් වනු ඇති බවකි. 


ගිගිරුම් සහිත වැසි අවස්ථාවල දී මුහුද වඩාත් රළු විය හැකි බවත් එම  නිවේදනයේ සඳහන් වේ. 


ඊයේ (27* පෙරවරු 8ග30 න් අවසන් වූ පැය විසි හතරේ දී වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත‍්‍රීක්කයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 82.2 ක් ලෙස දෙහිිවලින් වාර්තාවූ බව ද කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් ලංකාදීපයට පැවැසුවාය.