
(කේ.ආර්. රාජමන්ත්‍රී)
වැලිමඩ සානුව හා ඌව පරණගම ප්‍රදේශයටන්ට බල පෑ තද වැස්ස හේතුවෙන් තම අර්තාපල් ඇතුළු එළවළු වගාවන්ට දැඩි හානි සිදුව ඇතැයි ගොවීහු පෙන්වා දෙති.
අර්තාපල්,තක්කාලි, බෝංචී, ගෝවා ,ලීක්ස් වගාවන් විශාල වශයෙන් විනාශ වී ඇත.
මේ හේතුවෙන් නිසා අපේක්ෂිත අස්වැන්න ද ලබා ගැනීමට නොහැකි ව ඇතැයි ගොවීහු කියති.
වැස්සත් සමග අර්තාපල්,තක්කාලි, බෝංචී, ගෝවා ,ලීක්ස් වගාවන් අතර ඉතා සීඝයෙන් දිලිර රෝග පැතිර යන අතර ඒවා පාලනයට රසායනික දිලිර නාශක ඉසිමටද විශාල මුදලක් වැයකිරිමට සිදුව ඇතැයිද ගොවිහු පවසති.
පසේ අඛන්ඩව පවතින තෙත ස්වභාවය හේතුවෙන් අර්තාපල් කුණු වි ඇති අයුරු දක්නට ලැබිණි.



																	
																	
																	
																	
																	
																	