(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් දිස්ත්‍රීකක්යටද පසුගිය දින කිහිපය පුරාවට නොකඩවා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවට වාර්තා වෙයි.
මුල්ලියාවලෙයි ප්‍රදේශයේ නැවත පදිංචි වැසියන්ගේ තාවකාලික නිවාස කිහිපයක වහලයට වර්ෂාවෙන් හා සුළගින් හානි සිදුවීම හේතුවෙන් එම වැසියන් අසල්වාසීන්ගේ නිවෙස් වෙතට ගොස් ඇත.
හානි වූ නිවාස නැවත පිළිසකර කිරීම සඳහා මුලතිව් ආපදා කළමනාකරණ නිලධාරීන් මෙන්ම රතුකුරු කමිටු නිලධාරීන්ද සහය ලබාදී ඇති අතර වර්ෂාව හේතුවෙන් මුලතිව් වැසියන්ගේ දෛනික කටයුතු වලටද දැඩි ලෙස බලපා ඇත.
මේ අතර වර්ෂාව හේතුවෙන් පුලියන්කුලම් හා මුලතිව් ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවට මුලතිව් වැසියන් කියා සිටියහ.