
(ජේ.කේ.එල්. චාමින්ද සහ ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
වැහිසහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට අයත් පවුල් 1642ක පුද්ගලයින් 7031ක් විපතට පත්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
බෝපේ පොද්දල ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ පදිංචි අයකු තුවාල ලබා සිටින අතර අර්ධ වශයෙන් නිවාස 20කට හානි වී ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත්සතර,බොපේ පොද්දල, අක්මීමන, නියාගම, ඇල්පිටිය හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම වැහි සහිත කාලගුණික තත්වය බලපා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
හානියට පත් නිවාස සදහා අවශ්‍ය අරමුදල් ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇති බව පවසන ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විපතට පත්වුවන් වෙනුවෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සදහන් කළේය.

