
(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ගත වූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 295ක අගයක් නාගොඩ බෙම්බඩින් වාර්තා වූ බව ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල්ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය.
සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසූයේ මෙම වර්ෂාපතන හේතුවෙන් ගාල්ල බද්දෙගම මාර්ගයේ දංගෙදර, බෙලිගහ, කහදුවවත්ත, පෙට්ටිගලවත්ත ,මිලිද්දුව යන ස්ථාන ජලයෙන් මේ වන විටත් යටවී ඇති බවයි.
වර්ෂාව හේතුවෙන් මාර්ග ජලයෙන් යටවීම නිසා මේවනවිට රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.


