වැස්සෙන් ඉඹුල්පේ නිවාස 9 කට අර්ධහානි 31 ක් අවතැන්


(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
තද වර්ෂාව සහ සුළං හේතුවෙන් බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 02 වැනිදා වනවිට නිවාස නමයකට අර්ධ හානි සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 31  දෙනෙකු අවතැන්ව ඇති බව ඉඹුල්පේ ප්‍රාදේශීය මහලේකම්  කීර්ති ජයසිංහ මහතා පැවසීය.
මේ යටෙත් කණතිරියන්වෙල වසෙම් පවුල් 03 ක්, ඉඹුල්පේ වසෙම් පවුල් දෙකක්, මුත්තෙට්ටුවේගම වසමේ පවුල් දෙකක්,  බොල්තුඹේ වසමේ පවුල් 1 ක් හා මොරහැල වසෙම් පවුල් 01 ක් වාර්තා වී ඇතැයි ද ප්‍රදේශීය ලේකම්වරයා කීය.