වැස්සට කොළඹ යටවීම
වැසි වතුරෙන් කොළඹ හා තදාසන්න නගර යටවීම වැළැක්වීමට කොළඹ නගරයේ විශේෂ කොමසාරිස් ඔමාර් කාමිල් පළාත් පරිසර ඇමැති උදය ගම්මන්පිල, ආපදා කලමනාකරණ ඇමැති මහින්ද අමරවීර, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන සංස්ථාව හා නීතිපති ඇතුළු වග උත්තරකරුවන්ගේ කි‍්‍රයා කලාපය කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එම්.ඞී.වරාවැව මහතා දෝෂ දර්ශනයට ලක් කෙළේය.
ගංවතුරු වැළැක්වීමට ඔවුන් සාමූහික ප‍්‍රයත්නයක යෙදෙනවා වෙනුවට බොළඳ හේතු දක්වතියි කී විනිසුරු දෙසැම්බර් 9 වැනිදාට අධිකරණයට කැඳවන ලෙස නියෝග කෙළේය.
ගිය වසරේ නොවැම්බර් 10 හා 11 දිනයන්හි ගංවතුරෙන් කොළඹ ජාතික රෝහලද, පාර්ලිමේන්තු සංකීර්ණයද ජලයෙන් යටවීයැයි කියමින් ගංවතුරු ආරක්‍ෂණ වැඩ පිළිවලක් කි‍්‍රයාත්මක කරන ලෙස පරිසර සාධාරණත්වය සඳහා වන කේන්ද්‍රය මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

