අධික වැසි සහිත කාලගුණය නිසා දිස්ත්‍රික්ක හතක නායයෑමේ සහ පස්කඳු කඩාවැටීමේ අවදානමක් පවතින බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
ඒ අනුව බදුල්ල,කෑගල්ල,රත්නපුර,කළුතර,ගාල්ල,මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම පවතින බව එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණය අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය එච්.ඒ.ජී ජයතිස්ස මහතා පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල,හල්දුම්මුල්ල,ස්ප්‍රිංවැල්ල,බදුල්ල,ඌව වෙල්ලස්ස, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට,දැරණියගල,බුලත්කොහුපිටිය, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල,ඇලපාත,කලවාන, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත,බදුරලිය, ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත්සතර,බද්දේලම,යක්කලමුල්ල, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වලස්මුල්ල, කටුවන යන ලේකම් කොට්ඨාසයන්හි කඳුකර පෙදෙස් හා මාර්ගවල මෙම අවදානම මතුව තිබෙන බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

