වැවේ වගා වනසයි ගොවියෝ හඬා වැටෙති


රිදිමාලියද්ද වැව ඇතුළේ අනවසරයෙන් වගා කළ ගොඩ බෝග නෙළා ගැනීමට දින දහයක් තිබිය දී වාරිමාර්ග නිලධරයෝ කුළු පොලූ රැගත් කැරැලි මර්දන පොලිසිය සමග ගොස් ගොවීන් පිරිසක් එම බිම්වලින් ඉවත් කළහ. වගා ද වනසා දැමූ බව ගොවියෝ කියති. බඩ ඉරිඟු, කොමඩු, වට්ටක්කා, ආදිය වගා කරන ගොවි පවුල් 70ක් පමණ මෙහි සිටින බව කියති.