වැවේ අලියා ගොඩ එන හැඩයි


වෙඩි වැදි  මාසයකට  වැඩි කලක් අම්පාර හිමිදුරාව වැවේ සිටි අලියා වැව් ඉවුර කරා ළඟා වීම නිසා ප්‍රදේශයේ ධීවරයන් හා ගම් වැසියන් අලියා ගොඩට ගෙන ‍ඒමට කටයුතු කළහ. වනජිවී දෙපාර්තමේන්තුවේ අලි පාලන අංශයේ නිලධාරින් ද එහි ගොස් අලි වෙඩි දමා අලියාව ගොඩ ගෙන ඒමේ මෙහෙයුමක් ඇරඹු බව වනජිවි දෙපාර්තුමේන්තුවේ නැගනහිර පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්ප කුමාර මහතා පවසයි.

ජලයේ බැස සිටින අලියාගේ තුවාල සුව කර බේරා ගැනිම සඳහා අවශ්‍ය පහසුකම් හා මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා දැන්වීය. අලියාට ප්‍රතිකාර කිරිම සඳහා වනජිවි දෙපාර්තමේන්තු ඌව පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි ඩබ්.ධර්මකිර්ති මහතා හට උපදෙස් දුන්නේය. මේ වන විට  අලියාට ප්‍රතිකාර කිරිම සඳහා වෛද්‍යවරයා පිටත්ව ගොස් ඇති බවත් වනජිවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඡි.රත්නායක මහතා කියයි.

පශු වෛද්‍ය නිලධාරි ඩබ්.ධර්මකිර්ති මහතා පැවැසුයේ අලියාට ප්‍රතිජිවක ඖෂධ ලබා දුන් බවයි. තවමත් පිටේ ඇති තුවාල සුව නොවී ඇති බැවින් එකම පිළියම වන්නේ ජලයේ සිටිය දිම අවශ්‍ය ප්‍රතිඡිවක ඖෂධ ලබාදිම කළ හැකි හොඳම දේ බවයි.

266 262

11667817_456991477806319_759528463_n[1] 11720476_456991314473002_254114914_n[1] 11721090_456991144473019_1914994275_n[1]