ක.ග කරුණාරත්න
මෙරට වැව් 2400 ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ ඉලක්ක සාර්ථක කර ගැනීමට තිබෙන ප්‍රධාන බාධකය ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික නිලධාරීන්ගේ හිඟය බවත් එම නිසා විදේශීය ඉංජිනේරුවරුන් ඒ සඳහා ගෙන්වා ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය.
එසේ නොවුණහොත් දැන් තිබෙන ප්‍රමාදය තුළ අවුරුදු 03 කින් 05 කින් වැඩ අවසන් කිරීමට නියමිතදේ අවුරුදු 20ක් 25ක් යනු ඇතැයිද කීය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහවැලි ජනපදිකයින් 12000 කට ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය මහවැලි බී කලාපයේ මඟුල්දමන ප්‍රදේශයේදී අද (01) පැවති අවස්ථාවේදීය.
නිදහසින් පසු මේ රටේ කිසිම රජයකට කරන්නට බැරිවූ දෙයක් ලෙස වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය සහ අලුත්වැඩියා කටයුතු අලුතින් ආරම්භ කිරීම හැඳින්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොරගහකන්ද, කලුගඟ මහා ජලාශ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස එය පසුගිය වසරේදී ආරම්භ කළ බවද කීය.
මේ රටේ ආර්ථිකය, මේ රටේ සංවර්ධනය, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය මෙන්ම අනෙකුත් සියලු ක්ෂේත්‍රයන්හි පුළුල් වර්ධනයක් ඇතිවීමට මෙම වැව් 2400 ව්‍යාපෘතියේ මූලික වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එහෙත් එම සංවර්ධන කටයුතු සාර්ථක කර ගැනීමට ලංකාවේ ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික නිලධාරීන්ගේ හිඟය බලපා තිබෙන බවද පෙන්වා දුන්නේය.