වැවක් හාරා නිදන් සොයයි


අනුරාධපුර ඇලයාපත්තුවේ විලච්චිය හිවලාපිටිය වැවේ අඩි දහයක වළක් හාරා අඟහරුවාදා නිදන් හෑරී යැයි කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් ගැමියන් විසින් කොටු කර ගන්නා ලද නමුත් ඔවුන් ගැමියනටද පහරදී පලාගිය බව විලච්චිය පොසියට පැමිණිලි කර ඇත. අවි ද රැුගෙන ඩිපෙන්ඩර් වාහන වලින් ආ පිරිස බැකෝවකින් වැව මැද හාරන්නට පෙර පුද පූජා පවත්වා ඇත. තමන් සෝදිසි මෙහෙයුමකට ගිය බව විශේෂ කාර්ය බලකාය කියා ඇතත් එවැනි මෙහෙයුමක් ගැන දන්වා නැතැයි අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියා ඇත.