වැව හදන්න ගෙනා යන්ත්‍ර ගිනි තබති


ත්‍රිකුණාමල උප්පුවේලි ඓතිහාසික විල්ගම්වෙහෙර පොඩි වැව අලුත්වැඩියා කිරීමට ගෙනා එස්කැවේටර් දෙකක් හා ටිපර් රියක් ගිනි තබා රූපියන් අනූ පන් ලක්ෂයක අලාභයක් කර ඇතැයි උප්පුවේලි පොලිසිය කියයි.

හත් දෙනකු පැමිණ මුරකරුගේ ඇස් බැඳ එම යන්ත්‍රවලට ගිනි තබා ඇත.

පොලිසිය හා නාවික හමුදාව ගින්න නිවා දැමුව ද එම යන්ත්‍රවලට දැඩි හානි සිදුවී ඇත.

වසර හතරකට පෙර විල්ගම් වෙහෙර මෙම ප්‍රදේශය කොටි ගහණයේ පසු විය.