වැලිමඩ අවන්හලක ඇතිවූ ගැටුමකින් පසු දෙදෙනකු මරා දමා ඇතැයි පොලිසිය කියයි.
දෙදෙනකු පැමිණ කඩයකින් ආහාර ගැනීමෙන් පසු මුදල් ගෙවන්නට යාමේදී ආහාරවල බිල සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත අවන්හල් හිමියාට පහර දී ඇති බවත්, අවන්හලේ පිරිසගේ ප්‍රතිප්‍රහාරවලින් දෙදෙනා මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරුවෝ පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ඇතිවූ ගැටුමින් පසු එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට යයි.
ඡායාරූප - රත්නම් කෝගුලන්







