වැලිගම නිවෙසක ගින්නකින් අට හැවිරිදි දැරියක මරුට


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වැලිගම වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රී ඇති වූ ගින්නකින් අට හැවිරිදි දැරියක මියගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ සෙනුදි දෙව්දිනී නමැති හත් හැවිරිදි දැරියකි

මෙම ගින්නෙන් නිවසේ වහළයට දැඩි හානි වී ඇති අතර එහි සිටි මියගිය දැරියගේ අත් අම්මා සහ සහෝදරියක නිවෙසින් එළිපයට පැන දිවි බේරාගෙන ඇත.

සිද්ධිය දැනගත් වහාම වැලිගම පොලිසිය මාතර ගිනි නිවන රථ ගෙන්වා ගින්න පාලනය කර ඇති අතර නිවසේ කාමරයකින් මෙම ගින්න හටගෙන තිබේ.

නිවසේ මුළු තැන්ගෙයි  උපාංගවලට ගින්නෙන් කිසිදු හානියක් සිදු ව නොමැති අතර ගින්න සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ මෙහෙයවයි.