උතුරේ යුද්ධය පැවැති කාලයේ තර්ජනයට ලක්ව තිබූ වැලිකන්දේ සිංහපුර සූරියවැව ප්‍රාථමික පාසලේ සහ දිඹුලාගල අලුත්වැව ප්‍රාථමික පාසලේ සියළු දරු දැරියන්ට 2014 වර්ෂයට අවශ්‍ය පොත් හා උපකරණ බෙදා දීම සිදුකැරිණි. පරිගණක දෙකක් හා රූපවාහිනී යන්ත්‍රයක් බැගින් ද පාසල් දෙකට පිරිනැමිණි. බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රඥා පහන් සිළුව පදනම විසින් මෙම පරිත්‍යාග සිදුකරන ලදි.






