නිමල් ජයරත්න
මාස හයකට අධික කාලයක් පොලොන්නරුවට පැවැති නියං තත්ත්වය සහ වියළි කාලගුණික තත්ත්වය හමාර කරමින් වැලිකන්ද ප්‍රදේශයේ සහ අවට ගම්මාන වලට අද (9) සවස අයිස් වැස්සක් ඇද හැළෙමින් පවතී.
වැලිකන්ද මඟුල් පොකුණ සිංහපුර ඇතුළු ගම්මාන රැසකට මෙම අයිස් වැසි ඇදහැලී පවතින බව ප්‍රදේශවාසීන් සඳහන් කරති.
මීට පෙර අවස්ථාවකදී ද මනම්පිටිය මහව ප්‍රදේශයට අයිස් වැසි පතිත වී තිබේ.
මාස 6 කට අධික කාලයක් පොලොන්නරුව සහ ප්‍රදේශ රැසකට පැවැති නියං තත්ත්වය හේතුවෙන් ගොවි ජනතාවට මහත් පීඩාවට පත්ව සිටියහ.
පැවැති නියඟයත් සමඟ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාව පානීය ජල අර්බුදයට මුහුණ පා සිටී.





