වැලිකන්ද කරපොළ විල්ලුවට හානි කළ අයෙකු අත්අඩංගුවට


(නිමල් ජයරත්න)
 
පොළොන්නරුව වැලිකන්ද කරපොළ විල්ලුව ආශ්‍රිත භූමියෙන් අක්කර 50ක පමණ කොටසක් බැකෝ යන්ත්‍ර යොදා විනාශ කළේ යැයි කියන පුද්ගලයකු බැකෝ යන්ත්‍රයක්  සමඟ අද(23) වැලිකන්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම පුද්ගලයා වන අලි සහ වන සතුන් ගැවසෙන කරපොළ විල්ලුවේ ශාක කපා දමා, පුරාවිද්‍යා නටඹුන් විනාශ කර, විශාල වලවල් හාරා තිබූ බව පොලිසිය කියයි.
 
මෙම වන විනාශය ජනතාවගේ විරෝධයට ලක් වූ බවද, නාහිමිවරුන් දෙනමක්, තරුණයින්, පරිසරවේදීන් පිරිසක්, වැලිකන්ද පොලිසිය හා එක්ව මෙම වනවිනාශය නවතා දැමීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.
 
කරපොළ විල්ලු ආශ්‍රිතව කපා දමන ලද දැව වලින් ගඩොල් පුළුස්සන පිරිසක්ද සොයාගත් බව පොලිසිය පවසයි.