වැලිකඩ සිද්ධියේ පරීක්ෂණවල ප්‍රගතිය දන්වන්නැයි නියෝග


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )

2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් රැඳවියන් 27 දෙනකු මියයෑමේ සිද්ධියට අදාල රහස් පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය දන්වන්නැයි අභියාචනාධිකරණය අද (15) නීතිපතිට දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.

 
2012 වසරේ නොවැම්බර් වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් 27 දෙනකු මියයෑමට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට සහ රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ⁣මෙම සිද්ධිය ඇසින් දුටු සුදේශ් නන්දිමාල් නැමැත්තා විසින් මෙම පෙත්සම ගොනු  කරනු ලැබ තිබිණි.

එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සෝදිසි මෙහෙයුමකින් මෙම ගැටුම ඇති වූ බව පෙත්සම්කරු කියා සි⁣ටී.

මෙහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , රහස් පොලීසි අධ්‍යක්ෂ , පොලිස්පති සහ බන්ධනාගාර ඇමති නම් කරනු ලැබ සිටිති.