(දිල්රුක්ෂි ග්‍රේරු)
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී මේ වන විට විරෝධතාවක නියැලෙමින් සිටිති.
කාන්තා රැදවියන් 20 කට අධික පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටින අතර ප්‍රමාද වී ඇති නඩු කටයුතු කඩිනම් කර දෙන මෙන් සහ කාන්තා රැඳවියන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ආහාර පාන, ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාව ආරම්භ කර තිබේ.
මෙම පිරිස මත් කුඩු ජාවාරම් සම්බන්ධව චෝදනා ලැබ බන්ධනාගාරගත කර සිටින පිරිසක් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
(ඡායාරූප සහ වීඩියෝ ලහිරු හර්ෂණ)