වැලිකඩ බන්ධනාගාරයට සී.සී.ටී.වී


(ජයන්ත සමරකෝන්)

වැලිකඩ බන්ධනාගාරයට නොබෝ දිනකින් සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවිකරන බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය.

බන්ධනාගාරයේ සිදුවන පාතාල ක්‍රියාකාරකම් හා කප්පම් ජාවාරම් ඇතුළු අපරාධ සැලසුම් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම මැඩපැවැත්වීම සඳහා මෙලෙස සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ සහ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කර ඇති බවද බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය.