(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට අද (03) සවස 6ට පමණ අම්බලන්ගොඩ කුලීගොඩ හන්දියේදි වෙඩි තබා ඝාතනය කර තිබේ.
තිළිණ රුවන් තිහාර ජයරත්න (44) නමැති මෙම ජේලර්වරයා අද සවස සේවය නිමවා පැමිණ අම්බලන්ගොඩ දුම්රිය පලෙන් බැස යතුරු පැදියෙන් තම නිවසට යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් කුලීගොඩ හංදියේදි වෙඩි තබා එම ස්ථානයේම ඝාතනය කර පලාගොස් තිබේ.
ජේලර්වරයාගේ සිරුර බලපිටිය රෝහලට ගෙනගොස් ඇත.

