තරිඳු ජයවර්ධන
වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමට අදාළ ලේඛණ සහ පරීක්ෂණ වාර්තා දින 14ක් ඇතුළත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස එම කොමිසම අද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට, පොලිස්පතිට සහ රහස් පොලිසියට දැනුම් දුන්නේය.
කොමිසම එම දැනුම් දීම කළේ මාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා කළ පැමිණිල්ලක් අද විභාගයට ගත් අවස්ථාවේදීය.
පොලිස්පති වෙනුවෙන් පොලිස් නිලධාරී ඩබ්.ඩබ් සෝමසිරි සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් අධිකාරී නුවන් අසංක, උප පොලිස් පරීක්ෂක ඩ්බ්. ඒ. එස් තිලංක සහ ඩ්බ්. එම්. එම් යසරත්න මහත්වරු ද, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙනුවට ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක, බන්ධනාගාර නියාමක චමින්ද පෙරේරා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහභාගී වූහ.
මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මේ වන විට සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවත් රහස් පොලිසිය කොමිසමට දැනුම් දුන්නේය.
බන්ධනාගාරය සෝදිසි කිරීමට විශේෂ කාර්ය බළකාය කැඳවූයේ කවුරුන්දැයි කොමිසම කළ ප්‍රශ්න කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කොඩිප්පිලි මහතා එය සිදු කර ඇති බවයි.
වැලිකඩ පරීක්ෂණ වාර්තා දින 14ක් ඇතුළත ඉල්ලයි
Recommended Articles