වැලිකඩ ඝාතනයේ නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තාවක් දෙන්නැයි නියෝග


නිමන්ති රණසිංහ
 
වැලිකඩ බන්ධනාගාරයේ සිදු රැඳවියන් ඝාතනයට අදාළව අධිකරණයේ බාරව තිබු තවත් ටී 56 ගිනි අවි 25 ක් නඩු භාණ්ඩ ලෙස රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා  වාර්තාවක් ලබාගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.


එම සිද්ධියේ දී එස්ටීඑෆ් සහ යුද හමුදාව භාවිතා කළ එම ගිනි අවි සහ පතුරොම් ගෑස් ඉකුත් 2015.04.27 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බාර දී තිබු නඩු භාණ්ඩ වේ.


මෙම සිද්ධියට අදාළව රක්ෂිත බාරව සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු අසනීප වී සිටින නිසා බන්ධනාගාර රෝහල් ගත කර ඇතැයි බන්ධනාගාරය අධිකරණයට ලිපියක් මගින් දැනුම් දුන්නේය.


එසේම දෙවැනි සැකකරු වු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා අධිකරණයේ පෙනී සිටි අතර ඔහු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.