(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුව වෙනුවට වෙනත් වාට්ටුවක් පිළිසකර කර එහි සිටි නේවාසික රෝගීන් නව වාට්ටුවට මාරුකර යවා ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.
රෝහලේ සුපිරි වාට්ටුවක් ලෙස අංක 3 වාට්ටුව නම් දරා ඇතැයි ද පැවසේ. නව වාට්ටුවට මරණ දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිරදඬුවම් විඳින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු විවිධ චෝදනා මත සිටින සුපිරි බලවතුන් රැසක් මාරුකර යවා ඇතැයි ද පැවසේ.
ඒ අනුව, අංක 4 පැරණී වාට්ටුව නවීකරණයට එම ස්ථානයට අංක 3 වාට්ටුව රැගෙන ගොස් ඇති අතර, අංක 4 වාට්ටුව අංක 3 පැරණි වාට්ටුවට මාරුකර තිබේ.
නව අංක 3 වාට්ටුව පහසුකම් රැසකින් සමන්විත බවද දැනගන්නට තිබේ. මෙහි නේවාසිකව වෙසෙන සංඛ්‍යාව 30 ක් පමණ බවද කියති.

