
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත, පිටිගල ඩි.ජේ .විජේසිංහ, ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
වැලි හැරීමේ සිද්ධියකට විරෝධය පා කරන්දෙණිය අනුරුද්ධගම ගම්වාසිහු අද (29 ) උදෑසන එම වැලි හැරීමේ වළ ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.
මේ වැලි හැරීමේ වළ නිසා සිය ගමේ ජල උල්පත් සිඳීගොස් ඇති බවත්, මේ පිළිබඳව අදාළ බලධාරීන්ට කොතෙක් දැනුම් දුන්නත් එයට සාර්ථක විසඳුමක් නොලැබුණු නිසා තමන් මේ ක්‍රියාමාර්ගයට යොමුවූ බව උද්ඝෝෂකයෝ පැවසූහ.


