(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක්, හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේදී අද (25) අළුයම 01.50 ට පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එම ලොරියේ ගමන්ගත් දෙදෙනෙක් සුලු තුවාල ලබා ඇතැයි නානුඔය පොලිසිය කියයි.
ලොරියේ තිරිංඟ ක්‍රියා විරහිතවීම නිසා මෙම අනතුර සිදුව ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන නානුඔය පොලිසිය පවසයි. මහියංගනයේ සිට හැටන් දක්වා වැලි රැගෙන යද්දී මෙම අනතුර සිදුව ඇත

