ආණමඩුව මුදලක්කුලිය ගෝනි වැව ඉස්මත්තේ පවත්වාගෙන යන නීති විරෝධි වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක් අද දහවල් ගියද ඔවුන් සිය යන්ත්‍රෝපකරණ ද රැගෙන ගොස් තිබුණි. විශේෂ කාර්ය බලකාය පැමිණෙන බවට කලින් ලැබුණු ඔත්තුවක් මත මොවුන් පැන යන්නට ඇතැයි සැකකරයි
ගෝනි වැව ඉස්මත්තේ සිදු වන මෙම වැලි ජාවාරම නිසා අක්කර හැත්තෑ පහකින් සමන්විත ගෝනි වැවට හා එයින් පෝෂණය වන කුඹුරු යායටද බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදු බව ප්‍රදේශවාසීහු කියති.









